සහල් ආනයනය කිරීමට කෝටි 224 ක ණයක් ඉල්ලයි


(අජන්ත කුමාර අගලකඩ)

රටතුළ ආරක්ෂිත සහල් තොගයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය සහල් ආනයනය කිරීම සඳහා ලංකා සතොස ආයතනය මහජන බැංකුවෙන් රුපියල් කෝටි 224 ක (රුපියල් මිලියන 2,241) ණය මුදලක් ඉල්ලා ඇත.

මාස හතරක කාලයක් සඳහා මෙම ණය මුදල ඉල්ලා ඇති අතර ඒ සඳහා භාණ්ඩාගාර  ඇපකරයක් නිකුත් කරන්නැයි වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් ද කර ඇත.

ඔක්තෝබර් සිට ජනවාරි දක්වා කාලය තුළ සහල් මෝල් හිමියන්ගේ සහල් සැපයුම ප්‍රමාණවත් නොවන බැවින් සහල් හිඟයක් ඇතිවිය හැකිබවත් එම හිඟය මග හරවා ගැනීම සඳහා සහල් ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යායුතු බවත් ඇමැතිවරයා පෙන්වා දී ඇත.