(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පාස්කු ප්‍රහාරයේ මහ මුරකරු ලෙස සැලකෙන සහරාන් හසීම් නැමැත්තාට අයත් පුත්තලම , වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිධානයක් ගොඩ ගැනීම සඳහා කැණීම් සිදුකරමින් සිටි බව කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අද (19) අලුයම් කාලයේ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි
නිධානය ගොඩගැනීම සඳහා පුද පූජා පවත්වමින් සිටි බව කියන කට්ටඩියා වැටලීම සිදු කළ අවස්ථාවේ පලා ගොස් ඇතැයි පොලිසිය විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පලා ගිය මෙම කට්ටඬියා අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය පරීක්ෂණ පවත්වාගෙන යයි
ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ කුරුණෑගල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයෙක් බදුල්ල තල්දෙන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අනෙක් පොලිස් කොස්තාපල්වරයා මූනමල්දෙනිය ප්‍රදේශයේ පදිංචි අයෙකි ෙ
සහරාන් හෂීම්ට අයත් මෙම වත්තේ පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුධ සඟවා තිබියදීරහස් පොලිසිය විසින් පොලීසිය විසින් සොයා ගැනීමෙන් අනතුරුව එම වත්තට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් යොදවා ආරක්ෂාව සපයා තිබිණි.
ෙමෙසේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් කණ්ඩායමේ සිටි කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙම කැණීම් කටයුතු සිදුකරමින් සිට ඇතැයි විශේෂ කාර්ය බලකා ආරංචි මාර්ග සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකායේ සැකකාර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා වනාතවිල්ලුව පොලීසියට භාරදුන් බව එම බළකාය වැඩිදුරටත් සඳහන් කරයි.

