සහන මිල යතුරු පැදි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට පමණක් බෙදා දීමට එරෙහිවීමට ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කළු කොඩි රැගෙන පා පැදි වලින් තුන්කම දක්වා පැමිණ විරෝධය පළ කළහ.
සභා රැස්වීමේදී එජාප මන්ත්‍රීවරු හතර දෙනා ද ජවිපෙ මන්ත්‍රීවරයා ද විරෝධයට එක් වුහ.විපක්ෂයටද යතුරුපැදි ඕනි නම් ආණ්ඩුවට එක්වන්නැයි ආණ්ඩුපක්ෂය කී විට සභාව නොසන්සුන් වීය.ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු නව දෙනකි.





