සහන මල්ලේ ගැසට් පත්‍රය අද


වැට් බද්දෙන් නිදහස් කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ ගැසට් නිවේදනය අද (14) නිකුත් කිරීමට සියල්ලල සූදානම් යැයි කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුද්දීන් කියයි.

මේ අනුව සීනි කිලෝව රුපියල් 95ක් වේ. තිරිඟු පිටි රුපියල් 87, රතු පරිප්පු රුපියල් 169, හාල්මැස්සන් (තායිලන්ත) රුපියල් 495, හාල්මැස්සන් (ඩුබායි) රුපියල් 410, රට හාල්මැස්සන් රුපියල් 260, මුං ඇට රුපියල් 220, හම සහිත කුකුළු මස් කිලෝව රුපියල් 410, හම රහිත කුකුළු මස් රුපියල් රුපියල් 495, අර්තාපල් (රට) රුපියල් 120, ලොකු ලූනු රුපියල් 70, වියළි මිරිස් රුපියල් 395. ග්‍රීන් පීස් රුපියල් 260, ටින් මාළු ග්‍රෑම් 400 රුපියල් 140, ග්‍රෑම් 150 රුපියල් 70, යොදය සහිත කිරිපිටි (ආනයනය කළ) කිලෝව රුපියල් 810, කිරි පිටි (දේශීය) රුපියල් 735, කට්ට කරවල රුපියල් 1100, සාලයා කරවල රුපියල් 425, උම්බලකඩ රුපියල් 1500, සස්ටජන් රුපියල් 1500

ගැසට් නිවේදනයට අනුව මෙම ද්‍රව්‍ය පාලන මිලට වඩා වැඩියෙන් විකිණීම සපුරා තහනම්ය.