සහන නොලබා විශ්‍රාම ගිය සමෟද්ධි නිලධාරීන් වෙනුවෙන් කැබිනට් යෝජනාවක්




(සුජිත් හේවාජූලිගේ)
 
කිසිදු සහනයක් නොලබා විශ්‍රාම ගිය හා මිය ගිය සමෘද්ධි නිලධාරීන්ටත් සහන සැලසීමට කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ ඉදිරිපත් කරන බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.


සමෘද්ධි නිලධාරීන් 14,000කට කෙටි කාලයකදී පත්වීම් ලිපි ලබාදී අවසන් කරන බව වීරවංශ මහතා 7062 කට දැනටමත් ලිපි දී ඇතැයිද ප්‍රකාශ කළේය.


පත්වීම් ලිපි ලැබීමෙන් පසුව වැඩබැලීමේ දීමනා ද ගත හැකිවන බවත් රජයේ සේවකයන්ට වැඩි කළ වැටුප මූලික වැටුපට එකතුවන බවත් ඔහු කීය.


වීරවංශ මහතා මේ බව පැවැසුවේ එම අමාත්‍යංශයේදී අද(28) පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.