සහන නැත්නම් වර්ජන


බස් ගාස්තු වෙනුවට මූල්‍ය සහනාධාරයක් කඩිනමින් ලබා දිය යුතු බවට පෞද්ගලික බස් සංගම් හතරක් රජයෙන් ඉල්ලයි. සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් එකමුතුවේ මෙහෙයවීමෙන් අද (25) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළ එම එකමුතුවේ සභාපති ගැමුණු විජේරත්න මහතා මූල්‍ය සහනාධාරය ලබා නොදුන්නොත් වර්ජනයක් අරඹන බව ද කියයි.