සහජීවනය ගැන ක්‍රියාකාරී සැලැස්මක්


(අංජුල මහික වීරරත්න)

ප්‍රතිසන්ධානය සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2024 අංක 1 දරන ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනතේ විධිවිධාන මඟින් ප්‍රතිසන්ධානය සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සහ ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා සහ ක්‍රියාත්මක කිරීම සඳහා වන බලය, ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය වෙත පැවරී තිබේ. 

ඒ අනුව, ප්‍රතිසන්ධානය සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සඳහා පදනම් වන ක්‍රියා මාර්ග ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය විසින් සකස් කරනු ලැබ ඇත. 

යෝජිත ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලැස්ම මඟින්, ආයතනික යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම, මහජන විශ්වාසය ස්ථාපිත කිරීම අන්තර්වාර්ගීය සහ අන්තර් ආගමික සංවාද ප්‍රවර්ධනය කිරීම සහ තරුණයින් කාන්තාවන් සාමයේ නියෝජිතයන් වශයෙන් බලගැන්වීම වැනි හවුල් ජාතික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරනු ලබයි. 

ඒ අනුව, බහු අංශ ප්‍රවේශයක් තුළින් 2025 - 2029 දක්වා කාලපරාසය සඳහා ප්‍රතිසන්ධානය සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමටත්, ඒ සඳහා අදාළ අමාත්‍යාංශ සහ රේඛීය ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බලකායක් පිහිටු වීමටත්, අවශ්‍ය තාක්ෂණික, සැපයුම්, මූල්‍ය හා පරිපාලන සහාය ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙතින් ලබා ගැනීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.