සසොබා ළෙළ පද පද‘නුවැම තබා : නරඹා සුරඟන වන් රඟ නරඹා


ගව් දස දහස් ගණනක් එහා සුවිසල් රටක ජීවත්වන, එහෙත් සිය ලාංකික අනන්‍යතාව මොහොතකටවත් අමතක නොකළ ඔහු නමින් ප‍්‍රසන්න යමසිංහ වේ. ඇමෙරිකාවේ කැලිෆෝනියාහි ලොස් ඇන්ජලීස් නුවර පදිංචි ඔහු එහි සිට ලාංකික අනන්‍යාතවය මැනවින් විද්‍යාමාන කරමින් දේශීය නැටුම් කලාව ප‍්‍රචලිත කරලීමේ මෙහෙවරක නිරතව සිටි.

සඳලංකාව ප‍්‍රදේශයේ හැඳී වැඩුණු ප‍්‍රසන්න සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයෙන්ද ඉන් අනතුරුව උසස් අධ්‍යාපනයෙන්ද නර්තනය ඉගෙනුමට පෙම් බැන්ඳේය. නර්තනයේ සියලූ ගුරුහරුකම් ලබා ප‍්‍රසන්න 1993 වසරේදී වෙස් බැඳීමෙන් කළ එළි බසින්නේ උඩරට පහතරට මෙන්ම සබරගමු නර්තන සම්ප‍්‍රදායන්ගෙන් පෝෂණය වෙමිනි.

පසුකාලීනව කලායතන, ප‍්‍රරම්භ, මධ්‍යම හා අවසාන විභාගයන්ද උසස් ලෙස සමත්කම් පාන ප‍්‍රසන්න යමසිංහ දමනාදෙණිය සංවර්ධන පදනමේ වෙස් නර්තන කණ්ඩායමේ වසර 5ක් පුරා වෙස් නර්තන ශිල්පියෙකු ලෙස ද කටයුතු කරමින් සිය නර්තන දිවිය පෝෂණය කරගත්තේය. ඉන්පසු කුරුණෑගල වෙල්පැල්ල මහා විද්‍යාලයේ නර්තන ගුරුවරයකු ලෙස වසර දෙකක් පුරා සේවය කරමින් සිටියදී පෞද්ගලික සේවවාට එක්වන්නේ නර්තනය අමතක නොකරමිනි.

වැඩිදුර අධ්‍යාපනය ලබාගැනීම සඳහා 2000 වසරේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට පැමිණෙන ප‍්‍රසන්න යමසිංහ ලොස් ඇන්ජලීස් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික පරිපාලන පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය හදාරන අතරවාරයේ ලංකාවේදී තාවකාලික සමුගැනීමක් ලබාදුන් දේශීය නර්තන කලාවට යළිත් පෙම් බඳිමින් , එරටේ ජීවත්වන ශ්‍රී ලාංකීය පවුල්වල දුවා දරුවන් සඳහා තත්ජිත් නර්තන ඇකඩමිය හරහා උඩරට පහතරට සහ සබරගමු නර්තන කලාව උගන්වමින් සිටියි. ඒ පිළිබඳව ප‍්‍රසන්න යමසිංහ රස වින්දනට මෙසේ පැවසීය.

”වසර දෙදහස් පන්සීයක් පුරා අපේ මුතුන් මිත්තන් විසින් සුරක්ෂිත කර අපට දායාද කළ ලාංකික උඩරට, පහතරට, සබරගමු නර්තන සම්ප‍්‍රදායන්ගෙන් පෝෂණය වූ දේශීය නැටුම් කලාව මුළු ජීවිතකාලය පුරා මාතෘභූමියෙන් එපිට හැදී වැඩුණු ඇමෙරිකාවේ ජීවත්වන ලාංකික දරුවන්ට ලබාදීමේ අරමුණෙන් තමයි ඉකුත් 2014 වසරේදී ජනවාරි මාසයේ තන්ජිත්  නර්තන ඇකඩමිය ආරම්භ කරනු ලැබුවේ.

තත්ජිත් නර්තන ඇකඩමියෙන් අපේ දරුවන්ට උගන්වන්නේ හුදෙක් නර්තන රීතින් පමණක් නොවයෙි. ඉන් උත්පාදනය වන නාද සහ තාල රටා මඟින් සංයමය, සංවේදී බව, මානව දායව, ජනිත කරවන භාව ප‍්‍රකාශනය ලබාදෙනවා. එවැනි අගනා ගුණාංගවලින් සපිරි උඩරට නැටුම් කලාව එක්සත් ජනපදවාසී ලාංකික සම්භවයක් සහිත නවීන තාක්ෂණ දැනුමෙන් පොහොසත් දරුවන්ට ඉගැන්වීමෙන් යහපත් පුරවැසියන් ලෙස අනාගතයට පිවිසෙන්නට පදනම සකස් කර දීම තම අරමුණ බවද ප‍්‍රසන්න යමසිංහ මහතා රසවින්දන වෙත වැඩිදුරටත් කියා සිටියේය.

නර්තනාචාර්ය ප‍්‍රසන්න යමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2014 වසරේදී ඇරැුඹි තත්ජිත් නර්තන ඇකඩමිය මේ වන විට ලොස් ඇන්ජලීස් නුවර පමණක් ඇමෙරිකාවේ තවත් නරග රැුසක ශ්‍රී ලාංකීය දේශීය නර්ගන ප‍්‍රසාංග රඟ දක්වමින් සිටින්නේ ලංකාවටද අභිමානයක් එක් කරමිනි. එරට පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් උත්සවය ඇතුළු  ඕනෑම ලාංකික සංස්කෘතික උත්සවයක් සඳහා තත්ජිත් නර්තන ඇකඩමිය සිය නර්තන රංගන කෞෂල්‍ය ලබාදීමට කැපව සිටියි.

ලංකාවෙන් ඈත දුරු රටක සිට දේශීය නැටුම් කලාව ඔප් නංවන ප‍්‍රසන්න සිය කටයුතු ඉදිරියට රැුගෙන යාමේදී නිතැතින් සෙවනැල්ලක් මෙන් සිටින සෙනෙහෙබර බිරිඳත්, දරු දෙදෙනාත් සහ තමන්ට නර්තන පුහුණුව ලාබදුන් සියලූ ගුරුවරුන්ද ඔහු මතක් කරනුයේ හදපිරි බැතියෙනි. තත්ජිත් නර්තන ඇකඩමිය හෝ සිය නර්තන ඇකඩමිය හෝ සිය නර්තන හැකියාව පිළිබඳ වැඩිදුර තොරතුරු [email protected] යන විද්්‍යුත් තැපෑල ඔස්සේ ලබාගත හැකි බවද හෙතෙම අවසානයේ පැවසීය.

10423742_10204793569291764_2171239621926944623_n[1] 10940589_10205173506309952_3504447027294624804_n[1] 10945716_10205173505549933_8707965192225861178_n[2] 11004050_10153107300403960_985169864_n 11004063_10153107300398960_735290846_n 11020434_10153107300428960_1581786147_n FullSizeRender