සවුත්ලන්ඩ්ස් තාප්පේ නඩුව අස්කැර ගනී


ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ අනවසර තාප්පයේ උසින් වැඩි කොටස පුරාවිද්‍යා නිර්ණායකයන්ට අනුව ඉවත්කැර තිබීම හේතුවෙන් විදුහල්පතිනියට එරෙහිව වූ නඩුව ඉල්ලා අසකැර ගැනීමට පුරාවිද්‍යා දේපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමට ඉඩදුන් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුනේන්ද්‍ර කුමාර මුණසිංහ මහතා විදුහල්පතිනියට අවවාද කළේය

පුරාවිද්‍යා සංරක්ෂිත ප්‍රදේශයක් වූ ගාල්ල කොටුවේ ඉදිකිරීම්වල දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ගත යුතු බවත් බාලිකා විදුහලේ අවශ්‍යතාව අනුව තාප්පය බැඳ ඇති බව පෙනේනනට ඇතත් මින් ඉදිරියට අනවසර ඉදිකරීම් නොකරන ලෙසත් මහේස්ත්‍රාවරයා විදුහල්පතිනියට කියා සිටියේය.

පසුගිය 15 ආණ්ඩුකාර ලේකම් කාර්යාලේය දී පුරාවිද්‍යා නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් කුමාරි බාලසූරිය ආණ්ඩුකාරවරියගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී එකඟවූ පරිදි බදාදා දහවල් තාප්පයේ උසින් වැඩි කොටස බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් කඩා දැමිණි.

මෙම නඩුව කැඳවන අවස්ථාවේ උසාවියට පැමිණ සිටි ගාල්ල සිරිධම්ම විදුහලේ නිහාල් ගුරුසිංහ මහතාගේ රථයේ ආරක්ෂක නලාව දිගින් දිගටම නාද වීම හේතුවෙන් එම විදුහල්පතිවරයා දිසා අධිකරණයට කඳවූ පසු දිසා විනිසුරු ලාල් බණ්ඩාර මහතා ඔහුට තරයේ අවවාද කළේය.