සවලකින් පහරදී මිතුරා මරලා


(සිතුම් චතුරංග)

වවුනියාව, කල්මඩු ඊශ්වරපුරම් ප්‍රදේශයේ දී සවලකින් පහරදී සිය මිතුරා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු අද (10) අලුයම අත්අඩංගුවටගත් බව වවුනියාව ඊච්චන්කුලම පොලිසිය කියයි.

මිතුරන් දෙදෙනකු පැවැත්වූ මත්පැන් සාදයක් අතරතුර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකොට ඇති බව පොලිසිය පැවසීය.

එලෙස ඝාතනය කොට ඇත්තේ වවුනියාව , කල්මඩු , ඊශ්වරිපුරම් හි පදිංචි වේලුසාමි නිශාන්තන් නැමති 32 හැවිරිදි පුද්ගලයකු වේ.

සාදය අතරතුර පැරණි ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් සැකකරු සවලක් රැගෙන මියගිය පුද්ගලයාට පහරදී ඇති බවත් පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා වවුනියාව රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූයේ ඝාතනයවූ ස්ථානය පරීක්ෂා කිරීමේදී මත්පැන් බෝතල් , මියගිය පුද්ලයාට පහරදීමට යොදාගත් සවල සහ මියගිය පුද්ගලයාගේ භාණ්ඩ කිහිපයක් සොයාගත් බවත්ය.

ඝාතනයත් සමඟ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිට ඇති අතර අද අලුයම ඊච්චන්කුලම පොලිසියවෙත පැමිණ තමන් විසින් කළ අපරාධය පාපොච්චාරණය කොට පොලිසියට භාරවී ඇති බවත් සඳහන් කළේය.