තමන් මුදලට කිසි දිනක ප්‍රතිපත්ති පාවා නොදෙන බවත්, මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය දුන්නත් තවමත් තමා එජාප සාමාජිකයකු බවත් එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අද පැවැදි මාධ්‍ය හමුවක දී කීවේය.
මේ මැතිවරණයෙන් ජනපතිගේ ජයග්‍රහණය ස්ථිර බව ද ඔහු පැවසීය.
‘මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කිව්වේ ආණ්ඩුවෙන් 20ක් එක්ක එනවා කියලයි. නමුත් ඔහු 20ක් එක්ක නොවෙයි ආවේ. මේ යන විදියට එජාප සාමාජිකයන්ට සාධාරණයක් වෙන්නේ නෑ. මා කිසි දිනක සල්ලිවලට ප්‍රතිපත්ති පාවා දෙන්නේ නෑ.






