රුපියල් හැටපන් ලක්ෂ හතලිස් හතර දාස් හාරසිය හැට දෙකක් වටිනා රට සල්ලි තොගයක් ගමන් මල්ලේ පතුලේ රැලි අතර සඟවාගෙන සිංගප්පුරුව බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් අද අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු කොළඹ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ අත් අඩංගුවට ගනු ලැබු විදේශ මුදල් අතර ඇමරිකානු ඩොලර් 29,000 ක්, යූරෝ 7850 ක්, සෞදි රියාල් 32,500 ක්, සෞදි අරාබි ඩිනාර් 4,500 ක් සහ කැනේඩියානු ඩොලර් 1750 ක් තිබු බවයි.
සැකකරු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 306 දරණ ගුවන්යානයෙන් සිංගප්පුරුව බලා යාමට කටුනායකට පැමිණ ඇත.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂිනී පීරිස් මහත්මියගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.ටී වලවගේ මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන නිමල් තිලක, දුමින්ද වීරක්කොඩි සහ නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිශාන්ත ජයසිංහ, හසන්ත ගුරුගේ, එම්.කේ උදය ගාමිණී සහ සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක යන නිලධාරීහු සිදු කරති.



