ලෙඩරෝග බෝ කළ හැකි යුරෝපයේ භාවිත කෙරෙන අපිරිසිදුම මුදල් නෝට්ටුව ඩෙන්මාර්කයේ ක්‍රොන් මුදල් නෝට්ටුව ලෙසට හදුනාගෙන තිබේ.
බැක්ටීරියා වර්ග 40,266 ක් එම මුදල් නෝට්ටුවල අඩංගු වී ඇති අතර ශ්වසන රෝග,මුත්‍රා මාර්ගයේ ආබාධ සහ තුවාල සුවනොවීමේ ප්‍රවනතාවයන් එම බැක්ටීරියා නිසා සිදුවන බව සොයාගෙන තිබේ.
එවැනි අපිරිසිදු බැක්ටීරියා වර්ග 39,600 ක් අඩංගු ස්වීඩනයේ භාවිතා වන ක්‍රෝන මුදල් නෝට්ටුව දෙවැනි තැනටත් බැක්ටීරියා වර්ග32,400 ක් අඩංගු ස්විස්ටර් ලන්තයේ භාවිතා වන ප්‍රෑන්ක් මුදල් නෝට්ටුව තුන් වැනි තැනටත් පත්ව තිබේ.
බැක්ටීරියා වර්ග අඩුවෙන්ම ඇති හානිදායක නොවන පිරිසිදුව මුදල් නෝට්ටුව යුරෝපා සංගමයට අයත් රටවල භාවිතා කරන යුරෝ මුදල් නෝට්ටුවය.
මේ සොයාගැනීම් සිදුකර ඇත්තේ පසුගිය වසරේ (2012)බ්‍රිතාන්‍යයේ ඔක්ස්පර්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අංශය විසින් යුරෝපා රටවල් 20ක් භාවිතා කරන මුදල් නෝට්ටුවල ඇති බැක්ටීරියා වර්ගසොයා බැලීම සදහා සිදුකරන රසායිනික පරික්ෂණ වලදීය.
මේ පරීක්ෂණ ප්‍රථිපල හෙළිදරව් කිරීමත් සමඟ 2015 වසර වන විට ස්විට්ස්ටර්ලන්තයේ භාවිතා වන ප්‍රෑන්ක් මුදල් නෝට්ටුව සියල්ල අලුතින් මුද්‍රණය කිරීමට ස්වීස් බලධාරිහු පියවර ගනිමින් සිටී.