සල්ලිකාර හොරා රඳවාගෙන ප්‍රශ්න කරයි


සැප රියකින් ගොස් සැප ගෙවල් බිඳින මාළු ව්‍යාපාරිකයා ගල්කිස්ස පොලිස් ප්‍රදේශයේ ගෙවල් 64ක් කඩා ඇතැයි පොලිසිය කියයි.

මීගමුවේ පදිංචිකරුවකු වන මෙම පුද්ගලයා මාවතගම පිලැස්සෙන් විවාහයක් කරගෙන ඇතැයි ද, ත්‍රිකුණාමලයෙන් මාළු ගෙන්වන ඔහුට දිනකට කුඩු ගැසීමට රුපියල් විසි දහසක් අවශ්‍ය බව ද පොලිසිය පවසයි.

මාලබේ ෆිනෑන්ස් සමාගමකට රුපියල් තුන් ලක්ෂයක් ගෙවා ලීසිං ක්‍රමයට ගත් කාරයට මාස් පතා රුපියල් 75000ක් ගෙවීමටත්, කුඩු ගැසීමටත් වාරිකය ගෙවීමටත් අවශ්‍ය මුදල් සොරකම්වලින් සොයා ගන්නා බවත්, ඔහු විසින් සොරකම් කළැයි කියන රන්පවුම් 14ක් කුරුණෑගල සාප්පුවකට විකුණා තිබිය දී සොයා ගත් බවත් පොලිසිය කියයි.

කොළඹට නුදුරු පොලිසියක් දැන් ඔහු රඳවාගෙන ප්‍රශ්න කරයි.