වංචා දූෂණ චෝදනා එල්ල වී ඇති සමහරුන් සල්ලි පොට්ටනි රැගෙන මැති ඇමැතිවරුන් හමුවීමට යන බවට ආරංචි ඇතැයි ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහ දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කාර මණ්ඩල සභික විශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.
ජනතාවට ජනාධිපතිවරණයේ දී දුන් පොරොන්දු පරිදි දූෂකයන්ට හා අපරාධකරුවන්ට දඬුවම් ලබා දීමට ජනාධිපති, අගමැති ප්‍රමුඛ රජයේ ක්‍රියා නොකළොත් ඊට එරෙහිව ඉදිරියේ දී හඬ නඟන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


