උතුරු කළුතර පොලිස් ස්ථානාධිපති නමින් පෙනී සිටි පුද්ගලයකු ඉන්ධන හලකට දුරකතන ඇමතුමක් දී අහම්බෙන් හමු වූ ව්‍යාපාරිකයකු යවා තෙල් කෑන් හතරක් හා රුපියල් 20,000ක් ඉල්ලාගෙන බැංකුවක පෞද්ගලික ආරක්ෂකයන් දෙදෙනකුට දෙද්දී තිදෙනාම අත්අඩංගුවට ගත් බව උතුරු කළුතර පොලිසිය කියයි.
ව්‍යාපාරිකයා මේ ගනුදෙනුව ගැන කිසිත් නොදන්නා බව පෙනේයැයි පොලිසිය පවසයි.
එහෙත් ඔවුන් ඊට හවුල් කර ගැනීමට ප්‍රභූන්ගේ නම් පාවිච්චි කරන සංවිධානාත්මක පිරිසක් සිටින බව පොලිසිය කියයි.

