සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ගේ වර්තමාන පෙම්වතිය ලුලියා වැන්තර් ගීත ගායනයට යොමුවූ බව කාටත් දැන් නොරහසකි. සල්මාන්ගේ ‘බිග් බොස්’ වැඩසටහන වෙනුවෙන් ඇය මෙම ගීතය නිර්මාණය කර තිබෙන අතර, ලුලියා සමගින් සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ගායකයෙකු සිනමා නළුවෙකු ලෙස ජනප්‍රිය වූ හමිෂ් රස්මියා මෙහි සහාය ගායනයෙන් දායකව ඇත.
ලුලියා ගායනා කරන මෙම ගීතයට බොලිවුඩයේ ජ්‍යෙෂ්ඨයා වන අමිතාබ් බච්චන්ගෙන්ද පැසසුම් ලැබි තිබෙන බව සඳහන් වේ. ‘ද ඉන්දියන් එක්ස්ප්‍රස්’ වෙබ් අඩවිය සඳහන් කරන පරිදි අමිතාබ් බච්චන් පවසා ඇත්තේ ලුලියා මෙන්ම ඇයගේ ගීත ගායනයද ඉතා සුන්දර බවය.