සල්මාන්ගේ චිත්‍රපට තුනක්


2016-10-26-ent-21

බොලිවුඩයේ අංක එකේ නළුවා බවට වර්තමානයේ පත්ව සිටින සල්මාන් ඛාන් රංගනයෙන් දායක වන චිත්‍රපට තුනක් එළැඹෙන 2017 වසරේදී තිරගත කිරීමට කටයුතු යොදා ඇති බව සඳහන්. ඉන් චිත්‍රපට දෙකක්ම කබිර් ඛාන් විසින් අධ්‍යක්ෂණය කරන ඒවා වීම විශේෂත්වයක්.

ලබන වසරේ සල්මාන් ඛාන් පළමු වතාවට සිය රසික පිරිස් මුණගැසීමට සූදානමින් සිටින්නේ ජුනි 26 වැනිදා තිරගත වන කබීර් ඛාන්ගේ ‘ටියුබ්ලයිට්’ චිත්‍රපටය තුළිනි. එහි ඔහු චීන ජාතික නිළි සු සු සමගින් පෙනී සිටියි. සල්මාන් ලබන වසරේදී හමුවන දෙවැනි චිත්‍රපටය වන්නේ කබීර් ඛාන්ගේ ‘ටයිගර් සින්දා හේ’ චිත්‍රපටය තුළිනි. එය දෙසැම්බර් 22 වැනිදා ප්‍රදර්ශනය කිරිමට සැලසුම් කර තිබෙන අතර, එම චිත්‍රපටයේ ඔහු කත්‍රිනා කයිෆ් සමගින් රංගනයෙන් දායක වෙනවා.

සල්මාන් රංගන තෙවැනි චිත්‍රපටය වන්නේ ‘කික්’ දෙවැනි චිත්‍රපටයයි. එහි රූපගත කිරීම් කටයුතු තවමත් ආරම්භ නොවී ඇති අතර‘, එළැඹෙන දෙසැම්බර් මාසයේදී එහි රූපගත කිරීම් කටයුතු සිදු කරන්නට නියමිත බව සඳහන්.