සල්මාන් ඛාන්ටත් චරිතයක්


2016-11-16-ent-05

බොලිවුඩයේ වර්තමානයේ සිටින සුපිරිතම නළුවා වන සල්මාන් ඛාන් රඟපෑ ‘ජුඩ්වා’ චිත්‍රපටයේ දෙවැනි කොටස මේ දිනවල රූපගත කෙරෙමින් පවතින බවට තොරතුරු ලැබෙනවා. සඳහන් වන අන්දමට මෙහි ප්‍රධාන චරිතය ලැබී ඇත්තේ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ඩේව්ඩ් ධාවන්ගේ පුත් වරූන් ධාවන්ටය.

වරූන් සමගින් ඉලේනා ඩී ක_ස්, ක්‍රිති ෂැනොන් මෙහි අනෙකුත් චරිත සඳහා එක්ව තිබෙන අතර, ‘ජුඩ්වා’ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පෙවූ සල්මාන් ඛාන්ද මෙහි චරිතයක් නිරූපණය කරන බව සඳහන්. සල්මාන් මෙම චිත්‍රපටයේ එන ‘ගෝඩ්පාදර්’ නම් චරිතයට පණ පොවන අතර, එය චිත්‍රපටයේ දර්ශන කිහිපයකට පමණක් සීමාවූ එකක් බව දැන ගැනීමට ලැබෙනවා.

සල්මාන් මෙසේ මෙම චරිතයට එක්වීමට කැමැත්ත පළ කර ඇත්තේ ‘ජුඩ්වා’ දෙවැනි චිත්‍රපටය නිෂ්පාදනය කරන සජිද් නදිඩ්වාලාගේ ඉල්ලීමකට බව සඳහන්. සල්මාන් රඟපෑ ‘කික්’ චිත්‍රපටයේ නිෂ්පාදක හා අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කර තිබුණේ සජිද්ය.

 

2016-11-16-ent-06
2016-11-16-ent-05