සල්මාන් ඛාන්ට කුමන පුද්ගලයෙකු හෝ තෑග්ගක් ලබාදීමට කටයුතු කළ විට එය ඔහු බාර නොගන්නා බවත් එසේම එය දිළිඳු ජනතාව වෙනුවෙන් ඔහු විසින් ක්‍රියාත්මක කරනු ලබන Being Human පදනමට ලබාදෙන ලෙස පවසන බවත් ජැකලින් ෆර්නැන්ඩස් පවසනවා.
“ඔහු නිරන්තරයෙන්ම ඔහුගේ පදනම ගැන කතා කරනවා. සල්මාන් එයට ගොඩක් කැමතියි. කාටහරි උදව්වක් අවශ්‍යනම් ඔහු එතන ඉන්නවා. මට උදව්වක් අවශ්‍ය වෙලාවට කවුරුන් හෝ උදව් කළොත් මමත් උත්සාහ කරන්නේ උදව්වක් අවශ්‍ය කාටහරි සහාය දක්වන්න. ඒක මම ඔහුගෙන් ඉගෙනගත් දෙයක්. ඔහු මගේ විශ්වාසය නංවන්න ගොඩක් උදව් කළා. ඕනම කෙනෙකුට සිටිය හැකි හොඳ උපදේශකයෙක් තමයි සල්මාන්.”