ලෝකයේ සිටින කඩවසම් නළුවන් අතර තුන්වැනි තැන දිනා ගැනීමට බොලිවුඩ් සුපිරි නළු රිතික් රෝෂන්ට හැකිව තිබේ. ජාත්‍යන්තර සිනමා වෙබ් අඩවි කිහිපයක එකමුතුවෙන් තෝරා ගනු ලැබු මෙම ලැයිස්තුවේ පළමු තැනට පත්ව ඇත්තේ සුපිරි හොලිවුඩ් නළු ටොම් ක_ස්ය.
කෙසේ වෙතත්, පසුගිය වසර කිහිපයේදීම මෙම ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට සමත්ව සිටි බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන්ට මෙම ලැයිස්තුවේ හිමිව ඇත්තේ හත්වැනි ස්ථානයයි.
ඔවුන් දෙදෙනා පමණක් මෙවර බොලිවුඩය නියෝජනය කරමින් මෙම ලැයිස්තුවට එක්ව තිබීම විශේෂත්වයකි. පහත දැක්වෙන්නේ මෙම ලැයිස්තුවේ පළමු දස දෙනා අතරට එක්ව සිටින නළුවන්ය.
- Tom Cruise
- Robert Pattinson
- Hrithik Roshan
- Johnny Depp
- Tom Hiddleston
- Omar Borkan Al Gala
- Salman Khan
- Brad Pitt
- Hugh Jackman
- Billy Unger