සල්මාන්, ලුලියා විවාහය ස්ථිරයි


2016-09-06-ent-24

බොලිවුඩයේ කිරුළ නොපළන් කුමරු ලෙස හඳුන්වන සල්මාන් ඛාන් හා ඔහුගේ පෙම්වතිය වන රුමේනියා මෝස්තර නිරූපිකා ලුලියා වැන්තර් අතර විවාහය මේ වන විට ස්ථිර වී ඇත. සල්මාන්ගේ පවුලේ සාමාජිකයන් පවසන අන්දමට සල්මාන් හා ලුලියා අතර විවාහය එළැඹෙන නොවැම්බර් 18වැනිදා සිදුවීමට නියමිතය.

"ලයිෆ් ඔෆ් බොලිවුඩ්" වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ සල්මාන්ගේ වැඩිමහල් සොහොයුරු අර්බාස් ඛාන් විසින් පසුගියදා එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී විවාහය පැවැත්වෙන දිනය ස්ථිර ලෙසම පවසා ඇති බවය. එමෙන්ම මේ දිනවල සල්මාන් පවුලද දැඩි ලෙස කාර්ය බහුල වී තිබෙන බවත් ඒ සල්මාන් හා ලුලියාගේ විවාහයට බවත් මෙම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරයි.