මේ දිනවල අති සාර්ථකව බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වන ෂාරුක් ඛාන් හා ආලියා භාට් රඟන ‘ඩියර් සින්දගී’ චිත්‍රපටය වෙනුවෙන් පූර්ව ප්‍රචාරයක් සිදු කරන්නට සල්මාන් පියවරගෙන තිබේ. ඒ ඔහුගේ ‘ට්විටර්’ ගිණුම හරහාය.
ෂාරුක් ඛාන් හා ආලියා භාට් දෙදෙනාට සල්මාන් සිය ‘බිග් බොස්’ වැඩසටහනට එක්වීමට ආරාධනා කළමුත් අධික කාර්යබහුලත්වය මත ඔවුන් දෙදෙනාට මෙම වැඩසටහන එක්වීමට නොහැකි වී තිබේ. කෙසේ වෙතත්, සල්මාන් සිය සුබපැතුම් ‘ට්විටර්’ ගිණුම හරහා මෙම චිත්‍රපටයට ලබාදී ඇති බවට වාර්තා වේ.
පහත දැක්වෙන්නේ ඔහු සිය ‘ට්විටර්’ ගිණුම හරහා එක් කළ සටහනයි
“Enjoy #DearZindagi @aliaa08 @iamsrk on anti obesity day. #Indiafightsobesity @DrMuffi I am in! Are you? B wise 2 B healthy and wealth.”