සල්මාන්, අමීර්ගේ 'දංගල්' චිත්‍රපටය සමග


 2016-12-07-ent-04

දෙසැම්බර් 23 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති අමීර් ඛාන්ගේ "දංගල්" චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු කිහිපයක් සඳහා මේ දිනවල අමීර්ගේ සමීපතම මිතුරා වන සල්මාන් ඛාන් එක්ව සිටින බව සඳහන් වේ.

ෂාරුක් ඛාන්ගේ "ඩියර් සින්දගී" චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා සල්මාන් එක් නොවුණද ඔහු විවිධ සමාජජාල වෙබ් අඩවි හරහා ඔහුගේ චිත්‍රපටයට යම් ප්‍රචාරයක් ලබාදී තිබුණි. කෙසේ වෙතත්, අමීර් ඛාන් සිය මිතුරා සල්මාන්ට තම "දංගල්" චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වලට එක්වීමට මුල සිටම ආරාධනා කළ බව සඳහන්.

පසුගියදා පැවති ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං හා සිනමා නිළි හසිල්ගේ විවාහ මංගල්‍යය සඳහා අමීර්, සල්මාන් හා ෂාරුක්ට ආරාධනා කර තිබුණ බව වාර්තා වෙනවා. එහෙත්, තවමත් මොවුන් තිදෙනා මෙම විවාහ උත්සවයට එක්වූ බවට නිල වශයෙන් වාර්තා වී නොමැත.

 

2016-12-07-ent-02
2016-12-07-ent-03
2016-12-07-ent-05