ඉන්දීය නළු සල්මාන් ඛාන් ජනපති මහින්ද රාජපක්ෂට සහය පළ කරමින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට විරෝධය දක්වමින් කොටි හිතවාදීහූ පිරිසක් ඔහුගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක නියැලුණහ.
ජනපති පුත් නාමල් රාජපක්ෂ මහතාගේ ආරධනාවකට අනුව සල්මන් ඛාන් සහ ජැක්ලීන් ෆර්නැන්ඩස් නළු නිළි යුවළ ජනපතිවරණ ප‍්‍රචාරක කටයුතුවල නිරත වීමට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බවත් හින්දු පුවත්පත් වෙබ් අඩවිය සඳහන් කරයි.
විරෝධතාවයට සහභාගී වූ විස්සකට ආසන්න පිරිසක් මුම්බායි පොලිසිය අත්අඩංගුවට ගත් බව ‘ද හින්දු‘ වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර තිබිණි.

