මේ දිනවල ඉන්දියාවේ කාශ්මිර් නගරයේ මනාලිහි කබීර් ඛාන්ගේ "ටියුබ්ලයිට්" චිත්‍රපටයේ රූපගත කිරීම් සිදුවෙනවා. මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු නැරඹීම සඳහා එහි වෙසෙන බොහෝ ජනයා පැමිණ සිටි අතර, වාර්තා වන අන්දමට එය 2500කට ආසන්න ප්‍රමාණයක් බව සඳහන්. මේ අතරින් බොහෝ පිරිසක් වයස අවුරුදු 15ට අඩු දරුවන් බව සඳහන් වෙනවා.
සල්මාන්ට මෙහිදී උණුසුම් රසික ප්‍රචාරක හිමිව තිබුණ අතර, ඔහු රූපගත කිරීම් කටයුතුද අතරමග නවතා දමා බොහෝ වෙලාවක් මෙම කුඩා සිනමා රසික, රසිකාවියන් සමග ගත කළ බවද මෙම තොරතුරු වැඩි දුරටත් වාර්තා කරනවා.
සල්මාන් ආසන්නයේම රැඳෙමින් සිටි කුඩා රසික පිරිසක් සමග සල්මාන් ඡායාරූප කිහිපයක්ද ගෙන ඇති අතර, ඒවා "කෝයි මෝයි" වෙබ් අඩවිය තුළ මෙසේ පළ කර තිබුණා.