සර්ව පාක්ෂික සමුළුවට නොයන බව කතානායක කියයි


අද සවස ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික රැස්වීමට තමන් සහභාගි නොවන බව කතානායක කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට  ලිඛිතව දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් ජනාධිපතිවරයා විසින් අද පස්වරු 05ට සර්වපාක්ෂික සමුළුවක් කැඳවනු ලැබ තිබේ.

පාර්ලිමේන්තුවේ දී පසුගිය දිනවල ඇතිවූ නොසන්සුන්තාවය සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් මෙම හමුව කැඳවා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කළේය. 

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන මෙම හමුවට කතානායක කරු ජයසූරිය මහතාට ද ආරාධනා කර තිබිණ.