2004 -12-31 වැනිදා කලවාන මානානේදී එන්.අමරහේරත් (සේන මුදලාලි) හා ඒ.එම්.කමල් පුෂ්පකුමාර වාහනයකට යටකර මරා දැමූ හසිත මුහන්දිරම්ට (සර්පයා) රත්නපුර මහාධිකරණ විනිසුරු අචල සිංගප්පුලි මහතා මරණ දඬුවම නියම කළේය.
මේ අපරාධය සිදු කළ සමයේ හසිත මුහන්දිරම් කලවාන ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයකු විය. එහෙත් ඔහු අද සබරගමු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකි.



