සර් ජෝන්ගේ පියාගේ 150 ගුණ සමරුව


ඉංග්‍රීසි ආණ්ඩුවේ පොලිසියේ සාජන් මේජර් කෙනකු වශයෙන් රාජකාරියේ යෙදෙමින් අපරාධ මිනීමැරුම්, මංකොල්ල හා සමාජ අපචාර කරන සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට මහත් දස්කම් දැක්වූ ජෝන් කොතලාවල මහතාගේ (හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මහතාගේ පියාගේ) 150 වැනි ඡන්ම සංවත්සරය සැමරුමක් බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේ පිහිටි ඒ මහතාගේ සොහොන් කොත අසලදී අද (12) පැවැත්විණි.

කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ටයිටස් පෙරේරා මහතා කොතලාවල ස්මාරකයට පුෂ්පෝහාර දැක්වීය. මොරහීනේ ධම්මානන්ද හිමියෝ විශේෂ ගුණ සමරු දේශනයක් පැවැත්වූහ. පදනමේ සභාපති විජිත කදිරගොන්න, ලේකම් සෝමසිරි කස්තුරිආරච්චි ඇතුළු සෙසු සාමාජිකයින් විසින් කොතලාවල මහතාට පිං දෙමින් පැන් වැඩූහ.

අදටත් ජනප්‍රිය ‘‘නෙයිනගෙ සූදුව” නමැති ගීතය පද බැඳුනේද ජෝන් කොතලාවල මහතාගේ එක් වීර ක්‍රියාවක් පදනම්කොට ගෙනය.

RDS_9160 RDS_9164 RDS_9169 RDS_9181