විශ්ව විද්‍යාල හයක යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා රුපියල් කෝටි 170ක් වෙන් කර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි කියයි.
කොළඹ, කැළණිය, සෞන්දර්ය කලා, මොරටුව, ශ්‍රී ජයවර්ධනපුර, රජරට යන විශ්වවිද්‍යාල හා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිඝනක විද්‍යාතනවල ව්‍යාපෘති නවයක් සඳහා එම මුදල් අනුමත වී තිබේ.
ඉදිරි වසර තුන තුළ එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ අතර උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහා ද මහල් අටක පරිපාලන ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව රජයේ ආරංචි කියයි.

