සරසවි සිසු එකමුතුව හා උසස් අධ්‍යාපන ආයතන වාර්ෂිකව සංවිධානය කරන සදහම් වැඩසටහන මාතර උඩඅපරැක්ක මහමෙව්නා මහා විහාරයේදී පැවැත්විණි.
මහමෙව්නාව නිර්මාතෘ කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් විසින් මෙහෙයවන ලද බෝධි වන්දනාව, ස්වර්ණමාලි සෑ වන්දනාව, සුමධුර ධර්මදේශනාව සමඟ සාංඝික දානය ඊට අයත් විය.
කොළඹ, නැගෙනහිර, ජයවර්ධනපුර, කැලණිය, මොරටුව, පේරාදෙණිය, රජරට, අග්නිදිග, රුහුණ, සබරගමුව, ඌව, වයඹ යන විශ්ව විද්‍යාල වල සිසු සිසුවියන් සමග මහනුවර හෙද විදුහලේ පුහුණුව ලබන්නෝද මේ පිංකමට එක්වුහ.





