සරසවි සිසුහු මහමෙව්නා පිංකමේ


සමස්ත විශ්ව විද්‍යාල ශිෂ්‍ය එකමුතුව හා උසස් අධ්‍යාපන ආයතන ඒකාබද්ධව වාර්ෂිකව සංවිධානය කරන සදහම් වැඩසටහන හා දානමය පිංකම නොවැම්බර් මස 1 හා 2 දෙදින මාතර උඩඅපරැක්ක මහමෙව්නාව මහා විහාරයේදී පැවැත්වීමට නියමිතය.

බෝධි වන්දනාව, දානමය පිංකම්, ස්වර්ණමාලි සෑ වන්දනාව ආදී වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. කොළඹ, නැගෙනහිර, ජයවර්ධනපුර, කැලණිය, මොරටුව, පේරාදෙණිය, රජරට, අග්නිදිග, රුහුණ, සබරගමුව, ඌව, වයඹ යන විශ්ව විද්‍යාල සමග මහනුවර හෙද විදුහලද මේ පිංකමට එක්ව සිටී.