සරසවි සිසුවිය පස්වැනි මහලෙන් බිමට


කොළඹ විශ්ව විද්‍යාලයයේ ශාක විද්‍යා අංශයේ  පළමු වසරේ ඉගෙනුම ලබන  ශෂිපබා රන්මාලි ගුණවර්ධන සිසුවිය අද (17)  පෙරවරු 11.30 ට පමණ  විශ්ව විද්‍යාලයයේ  පස්මහල් ගොඩ නැඟිල්ලෙන්  බිමට වැටී  අසාද්‍ය තත්ත්වයෙන්  ජාත්ක රෝහලට ඇතුළත් කරනු ලැබීය.

ඇයට ශල්‍ය කර්මයක්  සිදු කළ අතර  හිස අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වන බව  ජාතික රෝහලේ වෛද්‍යවරු කියති.

මේ දිනවල විභාග පැවැත්වෙන අතර විභාග අමාරු බව  හා හිසරදයෙන් පෙළෙන බව ඇය මීට පෙර   මිතුරියන්ට පවසා ඇත.