රුපියල් දහසේ හොර නෝට්ටු නිෂ්පාදනය කළ බව කියන අවසන් වසරේ සරසවි ශිෂ්‍යයෙක්, ඔහුගේ සහෝදරයකු වන නාවික හමුදා භටයෙක් හා තවත් තරුණයෝ දෙදෙනෙක් වේයන්ගොඩ පොලීසිය අද අත්අඩංගුවට ගනු ලැබූහ.
විදුලි කාර්මිකයකු වන එළුවාපිටියේ තරුණයා යක්කල මිතුරාද සමග මුලින්ම එම සල්ලි මුද්‍රණය කර ඇතැයි ද, ඉන් පසු සරසවි සිසුවා සහ ඔහුගේ සොයුරා සම්බන්ධ වී ඇතැයි ද, මුද්‍රණය කැරුණු දාහේ නෝට්ටු 75කින් 60ක් පමණ මාරු කර ඇතැයි ද පොලීසියට තොරතුරු ලැබී තිබේ.
අලුතෙන් මුද්‍රණය කළ නෝට්ටු තුනක් වේයන්ගොඩ හෝටලයකින් මාරු කරන්නට යද්දී පොලීසියට කොටු විය.
අඩක් සැකැසූ නෝට්ටු හයක් ද, පරිගණකයක් ද, මුද්‍රණ යන්ත්‍රයක් ද අත්අඩංගුවට ගෙන ඇත.