සරසවි සිසුවා යතුරුපැදියෙන් අවසන් ගමන් යයි


මහනුවර මහියංගණ ප්‍රධාන මාර්ගයේ තෙල්දෙණිය වෑගලදී යතුරුපැදියක් හා වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් ගැටීමෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාල කළමනාකරණ පීඨයේ සිසුවකු මියගොස් ඇතැයි තෙල්දෙණිය පොලිසිය පවසයි.

එම සිසුවා යතුරුපැදිය පදවාගෙන ගොස් ඇති අතර එහි සිටි අනෙක් සිසුවා තුවාල ලබා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.