සරසවි සිසුන්ගේ ණය වැඩපිළිවෙල නැවත අරඹනවා


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රජයේ විශ්ව විද්‍යාලවල සහ පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාලවල  ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ණය වැඩසටහන නැවත  ආරම්භ කිරීමට කටයුතු කරගෙන යන  බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

අගමැතිවරයා මෙසේ පැවසුවේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

මෙම ණය වැඩසටහනට මුදල් ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාල රැසකට මේ සහනය දුන්නා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා;

උපාධි අධ්‍යාපන ආයතන හයක පාඨමාලා විසි හයක් හැදෑරීමට පොලී රහිත ණයක්  දුන්නා. එක ණයක වටිනාකම ලක්ෂ අටක්. කැබිනට් එකත් අනුමත කළා. නමුත් ක්‍රියාත්මක වුණේ නැහැ. යහපාලන කාලේ ආරම්භ කරපු එකක් නිසා  අලුත් ක්‍රමවේදයක් හදන්න අවශ්‍ය නෑ.මේ රජයේ කාලෙත් මුල් කාලයේ ක්‍රියාත්මක වුණා. මොකක් හරි මුදල් ප්‍රශ්නයක් ඇති. නමුත් ඒ ගැටළු විසඳගෙන වැඩපිළිවෙල නැවත ආරම්භ කරන්න.