විශ්වවිද්‍යාල වලට ඇතුළත් කර ගන්නා නවක සිසුන්ට ඉදිරියේදී මානසික සෞඛ්‍ය තත්ත්වය මැනීම සදහා වන පරීක්ෂණයකටද මුහුණ දීමට සිදුවනු ඇත.
උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිශන් සභාව මේ සදහා මූලිකත්වය ගෙන තිබේ.පරීක්ෂණය කි‍්‍රයාත්මක කළ යුතු ආකාරය ගැන ක්ෂේත‍්‍රයේ විද්වතුන්ගේ අදහස් විමසමින් සිටිනා බව
උසස් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
මෑත කාලයේ විශ්වවිද්‍යාල වල ඇතිවූ සිදුවීම් දෙස බැලීමේදී මෙවන් පරීක්ෂණයක් හදුන්වාදීම යෝග්‍යයැයි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපතිනී මහාචාර්ය ක්ෂුනිකා හිඹුරේගම මහත්මිය පවසන්නිය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සිසුන් මානසිකව මෙන්ම ශාරීරිකවද සූදානම් කිරීමේ අරමුණින් නායකත්ව පුහුණු වැඩසටහනද කි‍්‍රයාත්මකය.නමුත් වෙනම මානසික සෞඛ්‍ය තත්ත්වය මැනීම සදහා වන පරීක්ෂණයක්ද ඇති කිරීම සිදුකළ යුතුව ඇතැයි බළධාරීන්ගේ අදහසයි.