විශ්ව විද්‍යාල වාර්ෂික ගිණුම් වාර්තා ශිෂ්‍යයින්ට ද දෙන ලෙස උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජීව විජේසිංහ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට උපදෙස් ලබා දී තිබේ. තමන් වෙනුවෙන් වෙන්වන මුදල් වැයවන ආකාරය පිළිබඳ දැන ගැනීමට විශ්ව විද්‍යාල සිසුන්ට ද අයිතියක් ඇති බැවින් තමා මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ අනුව මෙම වසරේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ඔස්සේ විශ්ව විද්‍යාල ගිණුම් වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බව එහි සභාපතිනී මහාචාර්ය කෂාණිකා හිරිඹුරේගම මහත්මිය පැවැසුවාය.

