සරසවි කඩඉම් ලකුණු නිකුත් වෙයි


2015 උසස් පෙළ විභාග ප‍්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා අවශ්‍ය අවම කඩඉම් ලකුණු නිකුත් කර  ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිදාන කොමිසන් සභාව පවසයි.

ඒ අනුව දිස්ත‍්‍රික් පදනම මත එක් එක් විශ්ව විද්‍යාලයන් හි උපාධි පාඨමාලා සඳහා ප‍්‍රවේශ වීමට අවශ්‍ය අවම කඩඉම් ලකුණ එහිදී ලබාගත හැකියි.

මීට අමතරව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විභාග අංකය අනුව සුදුසුකම් ලබා ඇති පාඨමාලාව හා විශ්ව විද්‍යාලය ද ලබාගත හැකි බවයි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව  සඳහන් කරයි.

www.ugc.lk  හා  www.selection.ugc.ac.lk නිල වෙබ් අඩවි වලින් ලබා ගත හැකි බව විශ්ව විද්‍යාල කොමිසන් සභාව පවසයි.

රාජ්‍ය  සේවා  තොරතුරු කේන්ද්‍රය මාර්ගයෙන්   1919 අංකය අමතා කඩඉම්  ලකුණු  ලබා ගත හැකිය.