සරසවි අනධ්‍යයන සේවකයෝ වැඩ වරති


විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් අද (27) සිට වැඩවර්ජනයක් ඇරඹූ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති එඩ්වඩ් මල්වත්ත මහතා පැවසීය.

මෙතෙක් තම ඉල්ලීම් වෙනුවෙන් සුබවාදී ප්‍රතිචාරයක් රජයමගින්  ලබාදී නොමැති වීමත්  හා 26 වැනිදා මහා භාණ්ඩාගාරයේ දී කැඳවූ රැස්වීම අවලංගු කිරීමත් නිසා මෙම තීරණයට එළැඹි බව ඔහු කීය.

මාසික හිලව් දීමනාව වැඩිකිරීම, සියලුම සේවකයන්ට රක්ෂණ ක්‍රමයක්  ක්‍රියාත්මක කිරීම, විධිමත් විශ්‍රාම වැටුපක් ලබාදීම,  වයස අවුරුදු 60 දක්වා සේවය කිරීමේ අවස්ථාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුහු පසුගියදා දින දෙකක සංකේත වැඩ වර්ජනයකද නිරත වූහ.

Edwaed-Malwathha image-0-02-01-7c8606cd39606e5147b3457ed8b9ac36b44795583029285bdc6da81ff7c7c389-V image-0-02-01-825583d06824c50b8b0ab15c90b84a61e2f6925a53aa79142d55ef83eb0f3ec2-V-(1)

ජායාරූප - ප්‍රින්ස් රත්නායක (සබරගමුව)

6630[1]

ලාල් ඒස් කුමාර (කැළණිය)