උසස් අධ්‍යාපන ඇමැති සමග පැවැත්වූ සාකච්ඡාවලින් වැඩක් නොවී යැයි ද විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අද (1) හයවැනි දිනටත් පැවැත්වෙන්නේ යැයි ද අන්තර් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය කියයි.
විශ්ව විද්‍යාල කටයුතු සියල්ලම අඩපණ වී ඇති බවත් එම බල මණ්ඩලයේ සභාපති එඩ්වඩ් මල්වත්ත මහතා පැවසීය.