සරත් ෆොන්සේකාට එරෙහි පෙත්සම සලකා බැලීම මැයි 17 දා


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීම අභියෝගයකට ලක් කරමින් දකුණු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකු ගොනු කල රිට් පෙත්සම සලකා බැලීම මැයි 17 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) තීන්දු කළේය.

ෆොන්සේකා මහතා වෙනම පක්ෂයක නායකයෙකු වන බැවින් එ.ජා.ප අපේක්ෂක ලැයිස්තුවේ හෝ ජාතික ලැයිස්තුවේ ඔහුගේ නම සඳහන්ව නොතිබූ බව පෙත්සමේ දැක්වේ. එම පත්වීම නීතිවිරෝධී බවත් එම පත්වීම අහෝසි කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා ඇත. 

ප‍්‍රියසාත් ඩෙප් ,ප‍්‍රියන්ත ජයවර්ධන සහ නලින් පෙරේරා යන මහත්වරුන්ගෙන් යුත් ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි..