කොටි ත්‍රස්තවාදය පැරදවීමට යුද හමුදාවට නායකත්වය දුන් හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට කෙරෙන උපහාරයක් ලෙස කොළඹ පාරක් ඔහුගේ නමින් නම් කැරිණි.
‘ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මාවත‘ ලෙස නම් කැරුණු මරදාන ආනන්ද මාවත සහ කැටවලමුල්ල මාවත යා කැරෙන මාර්ගය විවෘත කරනු ලැබුවේ බුද්ධ ශාසන ඇමැති කරු ජයසූරිය මහතා විසිනි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද එම අවස්ථාවට සහභාගී විය.







