සරත් ෆොන්සේකා කෝටි සියයක වන්දි ඉල්ලයි


නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාගෙන් රුපියල් සිය කෝටියක වන්දියක් ඉල්ලමින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ගල්කිස්ස දිසා අධීකරණයේ අපහාස නඩුවක් ගොනු කළේය.

යුද හමුදා මුලස්ථානයේදී සරත් ෆොන්සේකාට එල්ල වු බෝම්ම ප්‍රහාරය සම්බන්ධයෙන් විද්‍යුත් නාළිකාවකින් නියෝජ්‍ය ඇමැති මෙම ප්‍රකාශක කැර ඇති බව  පැමිණිල්ලේ  දැක්වේ.

පිස්කල් මගින් සරණ ගුණවර්ධන මහතාට නොතීසි නිකුත් කරන ලෙස දිසා විනිසුරු නිහාල් චන්ද්‍ර රණවක මහතා නියෝග කළේය.