පසුගිය රජය සමයේ දුෂණ චෝදනාවන්ට ලක්වුවන් නීතියේ රැහැනට කොටුකර දීමට නම් මාධ්‍යයෙන්ද ලොකු සහයෝගයක් අවශ්‍ය බව කොළඹ සරසවියේ සිංහල අංශයේ මහාචාර්ය සරත් විජේසුරිය මහතා පවසයි.
මේ රජය ගැනත් ලොකු විස්වාසයක් නැති වුවත් පොරොන්දු වූ කරුණු වලින් සියයට පනහක් වත් ඉටු කරගැනීමට අපි හැමෝම යහපාලනයට බලපෑම් කළයුතු යැයි ඒ මහතා කියයි.
යහපාලනයක් ගෙන ඒමට වෙහෙස වූ අයෙකු වශයෙන් පවතින රජයෙන් විශේෂ තනතුරක් ලබා නොගන්නේදැයි එසැණ කල විමසුමට ඒ මහතා මෙසේ පැවසිය. මට විශේෂ තනතුරක් කොහෙත්ම අවශ්‍ය නැහැ. මගේ මේ රැකියාව මට හොදටම ඇති.

