අතිරේක සොලිස්ටර් ජනරාල් සරත් ජයමාන්න මහතා ජනාධිපති නීතීඥවරයකු ලෙස අගවිනිසුරු කේ ශ්‍රී පවන් මහතා ඉදිරියේදී අද (18) දිවුරුම් දුන්නේය.
මෙම අවස්ථාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ ,අභියාචනාධිකරණයේ සහ මහාධීකරණයේ විනිසුරුවරු පිරිසක්ද මහේස්ත්‍රාත්වරු අතිරේක මහේස්ත්‍රාත්වරු, දිසා විනිසුරුවරු හා අතිරේක දිසා විනිසුරුවරු පිරිසක්ද නීතීවේදීහු ද සහභාගී වුහ.
ජයමාන්න මහතා තෙල්දෙණියේ දුම්බර මහා විද්‍යාලයයේ හා මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයයේ ආදී සිසුවෙකි.
1985 දි නීතී විද්‍යාලයට ඇතුළත් විය. නිතීපති දෙපාර්තමේන්තුවට බැඳුණු ජයමාන්න මහතා එහි තනතුරු කිහිපයක් දැරීය.ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව හා හෞතික විද්‍යාව උපාධිධරයෙකි.
වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධියක් ලබා සිටී.මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයයෙන් අපරාධ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගත් ජයමාන්න මහතා ඉකුත් වසර විසිහයේදී සාර්ථක ලෙස පැමිණිල්ල මෙහෙය වු නඩු අතර කොබෙයිගනේ රූප සුන්දරිය ඝාතනය ,රගර් ක්‍රීඩක ටෝනි මාර්ටින් ඝාතනය,මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය,හෝකන්දර එකම පවුලේ හය දෙනකු ඝාතනය,1989 ඇඹිලිපිටිය මහා විද්‍යාලයයේ සිසුන් අතුරුදන්වීම ,නන්ද එල්ලාවල ඝාතනයද වෙයි.

