සරත් කොටගම ආසියා කුරුළු සභාපති


පක්ෂීන් පිළිබඳ ශ්‍රී ලංකාවේ පුරෝගාමී විද්‍යාඥයකු වන සරත් කොටගම ආසියා කලාපයේ සභාපති ලෙස  කැනඩාවේ අන්තර් ජාතික කුරුළු සංවිධානයේ දී නිතරඟයෙන් පත්කරගනු ලැබීය.

රටවල් 120ක සාමාජිකයෝ එක්කෝටි තිස් ලක්ෂයක් මෙම සංවිධානයට අයත් වෙති.

ආසියා කුරුළු සංගමය රටවල් 11කින් සමන්විත වේ.

මහාචාර්ය සරත් කොටගම වනජීවී සම්පත් ඇමැති ගාමිණී විජිත් විජයමුණි මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකි.