පසුගිය මහ මැතිවරණ සමයේ මීගමුව නගරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධරයකුට බැන තර්ජනය කළැයි හිටපු ඇමැති සරත් කුමාර ගුණරත්න රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය අද (20) නියෝග කළාය.
පොලිසියේ උපදෙස් මත නඩුව නීතිපතිට යොමු කළ අතර ඒ වනතුරු නඩුව බහා තැබීමට අධිකරණය තීන්දු කළේය.
නොතීසි පිට නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස සරත් කුමාර ගුණරත්නට නියෝග කැරිණි.

