මීගමු කලපු සංවර්ධනයට වෙන් කළ රුපියල් ලක්ෂ 120ක් සාවද්‍ය පරිහරණය කළැයි රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමැති සරත් කුමාර ගුණරත්න ලබන නව වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා අද නියෝග කළේය.
සැකකරු අසනීපයෙන් සිටින බැවින් ඇප ලබා දෙන ලෙස ඔහුගේ නීතීඥයන් කළ ඉල්ලීම ලබන අට වැනි දා සලකා බලන බව මහේස්ත්‍රාත්වරයා කීවේය.
රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේ අද උදෑසනය.





