ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් හා වෙනත් ව්‍යාජ ගමන් ලියකියවිලි යොදා ගනිමින් ශ්‍රී ලංකාවට යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයකු ඉන්දීය ආගමන විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත් වෙබ් අඩවිය අද වාර්තා කළේය.
ඔහු 2008 දී සරණාගතයකු ලෙස ඉන්දියාවට ගොස් ඇතැයි සඳහන්ය.
ඔහු ව්‍යාජ ගුවන් ගමන් ලියකියවිලි රැගෙන එරට මදුරෙයි ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට නියමිතවූ අතර ඔහුගේ ලියකියවිලි පරීක්ෂා කළ එම ගුවන්තොටුපළ බලධාරීන් ඒවා ව්‍යාජ ඒවා බවට තහවුරු කර ගෙන තිබේ.
පසුව මදුරෙයි හි ගුවන් තොටුපළේ ආගමන විගමන බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූ ලාංකිකයාගෙන් සිදු කළ පොලිස් ප්‍රශ්න කිරීම් වලදී හෙළි කර ඇත්තේ තමන් ඉන්දීය ජාතික යුවතියක හා විවාහ වී සිටින බවය.